ඖෂධ වර්ග 277ක හිඟයක්

ඉන්දීයාව හා බංග්ලාදේශයෙන් සෘජුවම ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්

by Staff writer 27-09-2023 | 5:34 AM

COLOMBO (News 1st) - ඉන්දීයව හා බංග්ලාදේශයෙන් සෘජුවම ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සාකච්ඡා කළ බවයි.

මේ වනවිට ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ වර්ග 277 ක හිඟයක් පවති.

එම හිඟය කඩිනමින් පියවීම සඳහා රාජ්‍යයේන් රාජ්‍යයකට ක්‍රමවේදය යටතේ මෙම ඖෂධ මිලදී ගැනීමට නියමිතය.

ටෙන්ඩර් කැඳවීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීම සඳහා මෙම නව ක්‍රමවේදය අනුගමනය කරන බව අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.