English
தமிழ்
කර්තෘ Staff writer
27 Sep, 2023 | 4:30 pm
එහිදී මෙරට පැමණි දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව දැවැන්ත අභියෝග හමුවේ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි.
දුෂ්කර නමුත් අත්‍යවශය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ තුළින් ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කර ඇති බව, දැකිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 70 කට ගිය උද්ධමනය මේ මාසය වන විට සියයට 2 ට වඩා අඩු වී ඇති බව පීටර් බෲවර් මහතා කියා සිටියේ ය.
ඔහු පැවසුවේ, මේ වසරේ මාර්තු-ජූනි කාලය තුළ දළ ජාත්‍යන්තර සංචිත ඩොලර් බිලියන 1.5 කින් ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතිය තවමත් සහතික වී නොමැති බව, එම මහතා සඳහන් කළේ ය.
මේ අතර ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමට අදාලව පැවති සමාලෝචනයේදී ඵලදායි සාකච්ජා වට ගණනාවක් පැවති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය පහසුකමේ දෙවෙනි වාරිකය නිදහස් කිරීම පිළිබඳව දැනට ප්‍රකාශයක් කළ නොහැකි බව, දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ එම වාරිකය නිදහස් කිරීම ශ්‍රී ලංකාව සිය විදේශිය ණය හිමියන් සමග ඇති කර ගන්නා එකඟතා හා මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්රණවල ප්‍රගතිය මත තීරණය වනු ඇති බවයි.
දැනට විශාල ලෙස ඉහළ දමා ඇති බදු අනුපාත සම්බන්ධයෙන් වන තත්ත්වය පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූහ.
ඊට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පෙන්වා දුන්නේ, 2019 දී සිදු කළ දැවැත්ත බදු කප්පාදුව ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට ලක් කළ බවයි.
එබැවින් බදු සහන හා බදු පැහැර හැරීම් අවසන් කළ යුතුව ඇති බව ද මූල්‍ය අරමුදල අවධාරණය කළේ ය.
මේ අතර 2024 වන දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශකයක් ලෙස රජයේ බදු ආදායම සියයට 12 දක්වා වැඩි කර ගනු ඇතැයි, තමන් අපේක්ෂා කරන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ය.
30 Nov, 2023 | 09:53 PM
30 Nov, 2023 | 04:29 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS