විදුහල්පති සේවයේ 3 වන ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීමට වහාම බඳවා ගැනීම් කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කර්තෘ Staff writer

27 Sep, 2023 | 11:42 am

COLOMBO (News 1st) –   ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. 

ඒ අදාළ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙනි.

ඒ අනුව, ඒ හා සම්බන්ධ තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ කටයුතු කළහ.

ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද ඉවත් කෙරිණ. 

පෙත්සම් විභාගයට ගැනුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.  

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]