English
தமிழ்
කර්තෘ Staff writer
27 Sep, 2023 | 6:22 am
මෙවර එහි තේමාව සංචාරක කර්මාන්තය හා තිරසාර ආයෝජනය යන්නයි.
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම සාංචාරක ආකර්ශනය නොමදව ලද දිවයිනකි.
මෙරට ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය හා අතීත පෞඪත්වය දැක විඳ ගනු රිසියෙන් ලොව රටවල් රැසකින් මෙරටට සංචාරකයින් පැමිණේ.
එහෙත් කොරෝනා වසංගතයත් ඉන් පසුව එළඹි දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයත් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට එල්ල වූයේ මරු පහරකි.
හෝටල් වැසී යාම සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් රැසකට රැකියා අහිමි විය.
එහෙත් මේ වසර මුල සිට යළිත් මෙරට සංචාරක කර්මාන්තයේ ක්‍රමික වර්ධනයක් දැකිය හැකියි.
ඊයේ (26) දිනයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියේ යළිත් වරක් සංචාරක ක්රමාන්තය ස්ථාවර වීමේ ලකුණු පළ කරමිනි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ, මැදපෙරදිග රටවල්වලින් මෙන්ම ස්පාඤ්ඤය,නෙදර්ලන්තය, බෙලරූස්, ඊශ්‍රායලය ආදී රටවල් රැසකින් මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
ඒ සඳහා පහසුකම් සැපයීමට විශේෂ වැඩසටහන් සකස් කර ඇති බව ඔහු පැවසීය.
මෙරටට විදේශ විනිමය ගෙන එන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයෙන් අපේ රටට විදේශ විනිමය ගැටලුවට ද ඵලදායී විසඳුමක් ලැබෙනු නොඅනුමානය.
01 Dec, 2023 | 02:13 PM
01 Dec, 2023 | 10:34 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS