English
தமிழ்
කර්තෘ Staff writer
27 Sep, 2023 | 4:05 pm
COLOMBO (News 1st) – අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පවුලේ කමාන්ඩර් නමැති සුනඛයා ධවල මන්දිරයේදී තවත් ආරක්ෂක නිලධාරියෙකු සපා කා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ , බයිඩ්න් පවුලේ සුරතලා පසුගිය සඳුදා රාත්‍රී අදාළ නිලධාරියා මෙලෙස සපා කා ඇති බවයි.
මෙය සඳහන් වන්නේ, ධවල මන්දිරයේදී සහ බයිඩ්න්ගේ නිවසේදී කමාන්ඩර් මෙලෙස ආරක්ෂකයින් සපා කෑ 11 වන අවස්ථාව ලෙසයි.
බයිඩ්න් පවුලේ ජර්මන් ෂෙෆර්ඩ් සුනඛයින් දෙදෙනා අතුරින් බාලයා වන කමාන්ඩර් ඩෙලවෙයාර් පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී ද ආරක්ෂකයින් සපා කා ඇත.
ඇතැම් ආරක්ෂකයින් ජනපති ජෝ බයිඩ්න් ඉදිරියේදී ම සපා කා තිබීම ද විශේෂත්වයකි.
පසුගිය ජුලි මාසයේදී ධවල මන්දිර නිලධාරීන් පවසුවේ, කමාන්ඩර් මෙල්ල කිරීම සඳහා පුහුණු ක්‍රම අනුගමනය කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.
බයිඩ්න්ට සිය සහෝදරයාගෙන් තෑග්ගක් ලෙස ලැබුණු කමාන්ඩර් ධවල මන්දිරයට රැගෙන විත් ඇත්තේ, 2021 වසරේදී ය.
මේ අතර ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් මීට පෙර ද සුනඛ සපා කෑම්වලට දොස් පවරමින් පවසා තිබුණේ, ධවල මන්දිරයේ ජීවත්වීම ආතතිය ගෙන දෙන්නක් බවයි.
මේ අතර බයිඩ්න්ගේ තවත් සුනඛයෙකු වන Major ද රහස් ඔත්තු සේවකයින් කිහිප දෙනෙකු සපා කා තිබේ.
ධවල මන්දරයෙන් පිටමං කළ Major දැන් ජීවත් වන්නේ, බයිඩ්න්ගේ පවුලේ ඥාතියෙකුගේ නිවසේයි.
28 Nov, 2023 | 06:20 AM
18 Nov, 2023 | 08:39 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS