කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී

කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී

කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී

කර්තෘ Staff writer

27 Sep, 2023 | 9:46 am

COLOMBO (News 1st) – කොල්ලුපිටිය ප්‍රදේශයේදි දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. 

දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ.  ඉදිපොලගේ මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවයි.

එලෙස පීලිපැනීමකට ලක්ව ඇත්තේ මහව සිට මොරටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියකි. 
 
දුම්රිය පීලිපැනීමෙන්, කොළඹ දෙසට ගමන්ගන්නා දුම්රිය ධාවනයට බාධාවක් නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.  

එහෙත්, මුහුදුබඩ මාර්ගයේ කොළඹ සිට ධාවනය කරන දුම්රිය ප්‍රමාදවිය හැකියි.

දුම්රිය ගමනාගමන අධිකාරිවරයා සඳහන් කළේ, දුම්රිය පිලීගත කිරිමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බවයි.  

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]