වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතීයි

මධ්‍යම සහ බස්නාහිර පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

by Staff writer 26-09-2023 | 10:13 PM

COLOMBO (News 1st) - හෙට (27) සිට ලබන 02 වැනිදා දක්වා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාතේ කිසිඳු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු නොකිරීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කළේ, එම කාලය තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බවයි.

මේ අතර පසුගිය 24 වැනිදා සිට ලබන මස 06 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා අන්තර් ජාලය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර අයදුම් කිරීමේ කටයුතු හා නිකුත් කිරීම ද මධ්‍යම පළාතේ තාවකාලිකව නතර කර තිබේ.

පවතින වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගනක දත්ත නව පරිගනක පද්ධතියට මාරු කිරීම මීට හේතුවී ඇතැයි, අදාළ නිවේදනයේ සඳහන් වේ. 

මේ අතර, බස්නාහිර පළාත තුළ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ද හෙට (27) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ , ඊට අදාළ පරිගණක පද්ධතියේ සිදු කිරීමට නියමිත යාවත්කාලීන කිරීමක් හේතුවෙනි.

ඒ අනුව හෙට සිට ලබන 2 වැනි දා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු නොකෙරෙයි.