.webp)

COLOMBO (News 1st) - නිදහසට කරුණු විමසා පක්ෂය යොමු කළ ලිපියට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ලබාගත් වාරණ නියෝගය අත්හිටුවා තිබේ.
ඒ, නඩුව අද කොළඹ දිසා අධිකරණ විනිසුරු සදුන් විතාන මහතා හමුවේ කැඳවු අවස්ථාවේදීයි.
චෝදනා 5 කට අදාළව නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම ලිපිය නිකුත් කර තිබූ අතර, ඊට වාරණ නියෝගයක් නිකුත් කළේ, පසුගිය බ්‍රහස්පතින්දායි.
එම වාරණ නියෝගය අත්හිටුවන්නැයි, පක්ෂය කළ ඉල්ලීම සලකා බලමින් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේ ය. .
පැමිණිල්ල වෙනුවෙන්, ජනාධිපති නීතීඥවරුන් වන ඉක්රාම් මොහොමඩ් සහ ජගත් වික්‍රමනායක යන මහත්වරුන් පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් පෙනි සිටියේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ පුලස්ති රූපසිංහ යන මහත්වරුන් ය.
