බුත්තල ආශ්‍රිතව සුළු භූ කම්පනයක් – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

බුත්තල ආශ්‍රිතව සුළු භූ කම්පනයක් – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

බුත්තල ආශ්‍රිතව සුළු භූ කම්පනයක් – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය

කර්තෘ Staff writer

26 Sep, 2023 | 5:27 am

COLOMBO (News 1st) – බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 2.4 ක් ලෙස සටහන්ව ඇති බවයි.

ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ භූ කම්පනය හටගෙන ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසීය.

පසුගිය මාස කිහිපයේදීම දිවයිනේ ස්ථාන කිහිපයකින් භූ කම්පණ වාර්තා වුණි.

වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවලින් මැග්නිටියුඩ් ඒකක 3 මැග්නිටියුඩ් ඒකක 3.5 භූ කම්පණ වාර්තා වුණේ, පෙබරවාරී 10 වැනි දායි.

පෙබරවාරී 11 වැනි දා වැල්ලවායෙන් මැග්නිටියුඩ් ඒකක 2.3 ක තවත් භූ කම්පනයක් වාර්තා විය.

පෙරවරු 8.45 ත් 9.00 ත් අතර කාල සීමාව තුළ බුත්තල, උනාවටුන ප්‍රදේශයේ භූ චලන කිහිපයක් සිදුවන්නේ පෙබරවාරි මස 12 වැනි දිනයි.

පෙබරවාරි මස 22 වැනි දා, බුත්තල, පැල්වත්ත, ආනපල්ලම වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව තවත් භූ කම්පන කිහිපයක් වාර්තා වුණි.

ඒවා සටහන් වුණේ, මැග්නිටියුඩ් 3 ක් සහ 3.5 ක් ලෙසයි.

මාර්තු 18 වැනි දා කිරින්ද පලටුපාන හා හාජියාර් ප්‍රදේශ ආශ්‍රිතව මැග්නිටියුට් 2.6 ක භූ කම්පනයක් වාර්තා විය.

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල, තිඹිරිවැව ප්‍රදේශය මැග්නිටියුඩ් ඒකක තුනක භූ කම්පනයක් වාර්තා වුණේ, මාර්තු 19 වැනි දායි.

දකුණු ඉන්දීය සාගරයේ ඇතිවූ භූ කම්පනයක බලපෑම කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී තිබුණේ පසුගිය ජුලි මස 01 වැනි දාය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]