ඉබ්බාගමුව නෙල්ලිය වෙල්ගාල විද්‍යාලයට ගම්මැද්දෙන් පානීය ජල ව්‍යාපෘතියක්

ඉබ්බාගමුව නෙල්ලිය වෙල්ගාල විද්‍යාලයට ගම්මැද්දෙන් පානීය ජල ව්‍යාපෘතියක්

ඉබ්බාගමුව නෙල්ලිය වෙල්ගාල විද්‍යාලයට ගම්මැද්දෙන් පානීය ජල ව්‍යාපෘතියක්

කර්තෘ Staff writer

26 Sep, 2023 | 6:11 am

COLOMBO (News 1st) – ඉබ්බාගමුව නෙල්ලිය, වෙල්ගාල විද්‍යාලයට අද (26) සුවිශේෂී දවසකි.

දීර්ඝ කාලයක සිට ජලය නොමැතිව පීඩා විඳපු ඔවුන්ට අද (26) ගම්මැද්දෙන් නව බලාපොරොත්තුවක් හිමි වේ.

ඉබ්බාගමුව නෙල්ලිය, වෙල්ගාල විද්‍යාලය අඩු පහසුකම්වලින් ඉගෙන ගන්න සිසු සිසුවියන් 360 පමණ අධ්‍යාපනය ලබන පාසලකි.

කුසට හරිහමන් අහරක් නැතුව ඉගෙන ගන්න මේ දරුවන්ට තියන ලොකුම ප්‍රශ්නය පිපාසයට වතුරත් නැති වීමයි.

පාසලේ ජල පහසුකම් සපුරා ගන්නේ ගමේ පොදු ළිඳකින්.

ඒ වතුරත් බොන්න හොඳ තත්ත්වයේ නැත.

පාසල වගේම ගමේ තත්ත්වයත් එසේමයි. 

ගොඩාක් අය ලොරිවලින් සල්ලි දීලා වතුර ගත්තත් හැමෝටම ඒ වියදම් දරා ගත නොහැක.

මේ ගැටලුව හඳුනාගත්ත ගම්මැද්ද ඊට විසදුම් දෙන්න මැදිහත් වුණි. 

ඒ අනුව අද වෙල්ගාල විද්‍යාලයට ප්‍රතිආස්‍රැත ජල පෙරණ පද්ධතියක් ලබා දීමට මුල පුරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු රෝග නිරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ අනුදැනුම එහි ඉදිකිරීම් කෙරෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෝගයෙනි. 

ව්‍යාපෘතිය සඳහා මුල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයයි.

ඉබ්බාගමුව නෙල්ලිය, වෙල්ගාල විද්‍යාලයේ දරුවන්ගේත් ගම්වැසියන්ගේත් පිපාසය නුදුරේදීම සංසිඳුවීම ගම්මැද්දේ අපේක්ෂාවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]