වේවැල්දෙණියේ බස් අනතුරකින් 12 කට තුවාල

වේවැල්දෙණියේ බස් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකුට තුවාල

by Staff writer 25-09-2023 | 9:17 AM

COLOMBO (News 1st) –  වේවැල්දෙණිය, තිත්තවැල්මංගොඩ ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. 

පොලීසිය සඳහන් කළේ, වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, මාර්ගය ආසන්නයේ නතර කර තිබූ ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටී ඇති බවයි.

පසුව බස් රථය, අසළ තිබූ වෙළෙඳ සැළක ද ගැටී තිබේ. 

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වරකාපොළ රෝහලට ඇතුළත් කෙරිණ.