ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට...

ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට...

by Staff writer 25-09-2023 | 6:11 AM

COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට(26) පැවැත්වෙයි.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එලෙස පැවැත්වෙනු ඇති.

ඊට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ. 

මේ අතර ,  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවෙයි. 

බදු ඉහළ දැමීම ඇතුළු සිය ගැටලු සම්බන්ධයෙන් එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව, එම සංගමය සඳහන් කළේ ය. 

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.