නිවුන් දරුවන් මියයාම ගැන පරීක්ෂණ..

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් මියයාම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණ..

by Staff writer 25-09-2023 | 6:06 AM

COLOMBO (News 1st) – කළුබෝවිල රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා සඳහන් කළේ, විශේෂ නිලධාරියෙකු රෝහල වෙත යොමුකර අදාළ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි.

අදාළ දරුවන් දෙදෙනා මියයාම සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව දෙමාපියන් රෝහල් අධ්‍යක්ෂවරියගෙන් පරික්ෂණයක් ඉල්ලා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් කැස්බෑව පොලීසියේ ද පැමිණිල්ලක් ගොනුකර තිබේ.