.webp)

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී ඒ බව අනාවරණය වූ බවයි.
බහුතරයක් වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව ඇත්තේ වසර 5ක රාජකාරී නිවාඩු ලබා විදෙස්ගත වීමට බව, වාර්තා වේ.
කිසිඳු දැනුම් දීමකින් තොරව සේවයෙන් ඉවත්වූ වෛද්‍යවරුන් රැසක් සිටින බව ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන් රට හැර යාම සම්බන්ධයෙන් ලබන සඳුදා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.
