රාජසන්තක මත්පැන් බෝතල් 18,000ක් වෙන්දේසියේ

රාජසන්තක කර තිබූ මත්පැන් බෝතල් 18,000ක් වෙන්දේසි කිරීමේ තීරණයක් - ශ්‍රී ලංකා රේගුව

by Staff writer 24-09-2023 | 8:21 AM

COLOMBO (News 1st) - නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ මත්පැන් බෝතල් 18,000 කට අධික ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට, ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, වසර ආරම්භයේ සිට එක්රැස් වූ එම මත්පැන් බෝතල් රාජසන්තක කර තිබූ බවයි.

රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් අදාළ වෙන්දේසිය මෙහෙයවීමට නියමිත වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇතැයි, සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ය.