.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ යටතේ ඩොලර් 878,650යි සත 53ක් මහා භාණ්ඩාගාර ගිණුමට තැන්පත් කර ඇති බවයි.
ඉතිරි රුපියල් මිලියන 16 ඉදිරියේදී ලැබීමට නියමිතයි.
එම මුදල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වියදම් වෙනුවෙන් ලැබී තිබේ.
නෞකා සමාගමේ රක්ෂණ සමාගම සමග පසුගියදා ඇති කරගත් එකඟතාවකට අනුව එම අතුරු ගෙවීම් හිමිවිය.
මේ අතර ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් ද වන්දි මුදලක් ඉල්ලා ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අදාළ රක්ෂණ සමාගම සළකා බලමින් සිටින බවයි.