ඉන්දීය බිත්තර හරහා 'නිපා' වෛරසය මෙරටට එයි ද?

ඉන්දීය බිත්තර හරහා 'නිපා' වෛරසය මෙරටට පැමිණේවි දැයි සොයන්න පූර්ණ විමර්ශනයක් - කෘෂිකර්ම ඇමති

by Haindu Gihan 24-09-2023 | 7:24 AM

COLOMBO (News 1st) - ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර ඇතුලු ආහාර මගින් 'නිපා' වෛරසය මෙරටට පැමිණීමේ අවධානම පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.

මේ අතර 'නිපා'  වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම ඇත්තේ ඉතාම අඩු මට්ටමක බව, ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අළුත්ගේ මහතා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ ගෙවුණු වසර 3 තුළ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 'නිපා'  වෛරසය පැතිරීමේ අවධානම කිහිප වතාවක් ඉස්මතුවුවත්, ඉන් මෙරටට කිසිඳු බලපෑමක් නොවූ බවයි.

ඒ පිළිබඳව අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නොවන බව ද, හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.