.webp)
ඒ, චීනයේ හංග්චොව්හි ඔලිම්පික් ක්‍රීඩා සංකීර්ණයේදී.
ආසියානු කළාපයේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන, ආසියානු ක්‍රීඩා උළෙල 1951 වසරේදී පළමු වරට පැවැත්විය.
මෙවර ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරන්නේ චීනයේ හංග්ජොව් නුවරයි.
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත් වූයේ එරට ජනාධිපති ශී ජීං පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා රටවල් 49ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දොලොස් දහසක් එක්වේ.
එය වාර්තා අතරට එක් වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගී වන ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ලෙසයි.
ඔවුන් ක්‍රීඩා 40ක රන් පදක්කම් 481ක් වෙනුවෙන් තරග කරනු ලබයි.
ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 97ක්ද සමගින් එක්වන පිරිස 154ක්.
සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන ගියේ ප්‍රවීණ මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සහ ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩක අනුර රෝහණ යි.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා ඉසව් 21කට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතව ඇත.
ක්‍රීඩා උළෙල ලබන මස 8 වැනිදා අවසන් වීමට නියමිතයි.