හරක්කටා පලා යෑමේ සැලසුමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

හරක්කටා පලා යෑමේ සැලසුමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

හරක්කටා පලා යෑමේ සැලසුමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

කර්තෘ Staff writer

23 Sep, 2023 | 1:33 pm

COLOMBO (News 1st) –  නඳුන් චින්තක හෙවත් හරක්කටා අත්අඩංගුවෙන් පලා යාමේ සැලසුමට යොදාගත් මෝටර් රථය හා එය පදවා ගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය භාරයට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරුවන් එම මෝටර් රථය මාතර කැකුනදොර ප්‍රදේශයේ සිට පදවා ගෙන කොළඹට පැමිණ ඇති බවයි

හරක්කටාට අත්අඩංගුවෙන් පලා යෑමේ සැලසුම අසාර්ථක වීමත් සමග ඊට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා එම මෝටර් රථයේ ගොස් ඇතැයි පොලිසිය පවසයි.  

අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හා 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 15 වෙනිදා මෙරටට රැගෙන ආවේ ය.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට රැදවුම් නියෝග මත රදවා ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ය. 

පසුගිය 10 වැනිදා ඔහු විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුගේ ගිනි අවිය පැහැර ගෙන පලා යාමට උත්සාහ කර තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]