යුක්‍රේන ජනපති කැනඩා පාර්ලිමේන්තුව අමතයි..

යුක්‍රේන ජනපති කැනඩා පාර්ලිමේන්තුව අමතයි..

යුක්‍රේන ජනපති කැනඩා පාර්ලිමේන්තුව අමතයි..

කර්තෘ Staff writer

23 Sep, 2023 | 6:43 am

COLOMBO (News 1st) – යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණයෙන් පසු පළමු වරට කැනඩාවට ගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හමුවී ඇති බවයි.

යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කර තිබේ. 

යුක්‍රේන යුද ජයග්‍රහණ වෙනුවෙන් සිය රට සමග රැදී සිටින ලෙස ව්ලොඩිමීර් සෙලෙන්ස්කි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව සඳහන් ය.

කැනඩාවෙන් මේ වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ මූල්‍ය ආධාර සහ යුද උපකරණ යුක්‍රේනයට ලැබී තිබේ.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ වසර 3ක කාලයක් සඳහා ඩොලර් මිලියන 482 ක නව ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබා දීමට ද එහදී පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]