.webp)
COLOMBO (News 1st) – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තිය සමිති රැසක් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට අද විරෝධතාවල නිරත විය.
සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන කර ඇති මෙම විරෝධතාව නම් කර තිබුණේ, ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙසයි.
මෙම විරෝධතාවයේ විශේෂත්වය වන්නේ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග සිවිල් සංවිධාන හා ජනතාව ද ඒකාබද්ධ වීමයි.
සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී. මැදිවත්ත මහතා සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාමේ ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ද විරෝධතාවයේදි රජයට බල කරන බවයි.
