.webp)
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටියරෙස් මහතා හමුවිය.
ඒ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.
මේ අතර ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රි 10.00 ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතී ය.
එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අරමුණ බවයි.
එම ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි, තමන් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.