English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
21 Sep, 2023 | 10:23 am
COLOMBO (News 1st) – 2023 – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ සංශෝධිත දිනය විභාග කොමසාරිස්වරයා විසින් ලබන සතියේ නිශ්චිතවම ප්‍රකාශයට පත්කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසී ය.
මීට පෙර 2023 නොවැම්බර් 27 වනදා 2023 උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට සැලම් කර තිබුණ ද 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මාස 3ක් පමණ ප්‍රමාදවීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්ව පිළිබඳව අමාත්‍යවරයා එහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.
අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයින් දහඅටදහස් හාරසීය හැත්තෑ තුනක් අයදුම්පත් ලැබී ඇති බවයි.
විභාග අපේක්ෂකයින්ගෙන් මෙන්ම මහජන නියෝජිතයින්ගෙන් ද යෝජිත විභාගය කල් දමන ලෙස ඉල්ලීම් ලද බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු අයදුම් කළ අපේක්ෂක සංඛ්‍යාව පෙර වර්ෂවලට වඩා ලැබී තිබීම සලකා බැලීමෙන් විභාගයට සූදානම් වීමේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් වියහැකි අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන ලෙස යෝජිත අපොස උසස් පෙළ 2023 පැවැත්වෙන දින නවකවානු සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති බවයි.
28 Nov, 2023 | 07:12 AM
27 Nov, 2023 | 10:59 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS