හිටපු මන්ත්‍රී මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු මන්ත්‍රී මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Staff writer

21 Sep, 2023 | 11:39 am

COLOMBO (News 1st) –  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

ඒ, නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට, ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයී.

එම නඩුවට අදාළව අද අධිකරණයේ පෙනී සිටි වළාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී කේ ඒ උදය කුමාර මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, මෙම මෝටර් රථය ලියාපදංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතු කිසිදු ලියවිල්ලක් ලබාදී නොමැති බවයි.

ඊට අදාළ ලියවිලි ඇත්නම් ඒවා ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී ඇතත්, මේ දක්වා කිසිදු ලියවිල්ලක් තමුන්ට හෝ අධිකරණයට ඉදිරිපත් නැතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය. 

මේ අතර මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට නොතීසි නිකුත් කර තිබුණ ද අද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි බව අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ ය.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]