ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් මිලට ගැනීමට පියවර

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් මිලට ගැනීමට පියවර

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් මිලට ගැනීමට පියවර

කර්තෘ Staff writer

21 Sep, 2023 | 6:16 am

COLOMBO (News 1st) – දුම්රිය එන්ජින් 10ක් මෙරටට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ.

දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේ, ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බවයි.

ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව ඇත.

එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, පැරණි එංජින් අලුත්වැඩියා කර ධාවනයට එක් කළ ද විවිධ අවස්ථාවල ඒවා කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]