අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්: පුද්ගලයින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්: පුද්ගලයින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්: පුද්ගලයින් දෙදෙනෙක් මරුට

කර්තෘ Staff writer

21 Sep, 2023 | 5:38 am

COLOMBO (News 1st) – අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවය.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 27 සහ 36 යන වයස්වල පසුවන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ ටී56 වර්ගයේ ගිනි අවියකි.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]