.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමග ගාල්ල, කලුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.