.webp)
නිව්යෝර්ක් නුවර ටාජ් පියාරේ හෝටලයේ පැවති මෙම හමුවේදී දෙරටට ඵලදායි වන සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
මේ අතර ජනාධිපතිවරයා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය අතර නිල හමුවක් ද සිදුව ඇත.
ඒ, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එහිදී දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ ඵලාදායි සාකච්ඡාවල නිතර වූ බවයි.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (19) ආරම්භ විය.
ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද එක්ව සිටියහ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සමුළුවට එක් වූ සියලු රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය.