English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
20 Sep, 2023 | 3:45 pm
COLOMBO (News 1st) – ක්‍රීඩිකාවක සිප ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමත් සමග පාපන්දු වර්ජනය කළ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සිය වර්ජනය අවසන් කිරීමට එකඟවී ඇතැයි, ස්පාඤ්ඤ ක්‍රීඩා රාජ්‍ය ලේකම්ප වික්ටර් ෆ්‍රැන්කොස් පවසයි.
රාජ්‍ය ලේකම්වරයා මාධ්‍යට පවසා ඇත්තේ, පැය 7ක පමණ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් වර්ජනය අවසන් කිරීමට එකඟවූ බවයි.
පාපන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවති උත්සවයකදී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රුබියලස් ක්‍රීඩිකා ජෙනි හර්මෝසෝගේ දෙතොල් සිප ගැනීමේ සිද්ධියත් සමග ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ පාපන්දු තරග වර්ජනය කිරීමට තීරණය කළහ.
එම සිප ගැනීම සිය එකඟත්වය මත සිදු නොවූවක් බව හර්මෝසෝ පැවසූ අතර පසුව එය සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම දක්වා දුරදිග ගියේ ය ..
කෙසේ වෙතත් මෙම මස පැවැත්වීමට නියමිත ජාතික ලීග් තරඟ සඳහා කැඳවා ඇති ක්‍රීඩිකාවන් 23 දෙනාගෙන් දෙදෙනකු සංචිතයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
සාකච්ඡාවලින් පසු මාධ්‍යට අදස් දක්වමින් ෆ්‍රැන්සිස්කෝ පැවසුවේ, මෙම ආන්දෝලනාත්මක සිදුවීමත් සමග ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය ක්ෂණික සහ ගැඹුරු වෙනස්කම් සිදු කිරීමට කැපවී සිටින බවයි.
අද පැවති සාකච්ඡාවෙන් පසු එළැඹි එකඟත්වයට අනුව ස්පාඤ්ඤ කණ්ඩායම එළඹෙන සිකුරාදා ස්වීඩනය සමගත් අඟහරුවාදා ස්විට්සර්ලන්ත සමගත් තරග වැදීමට නියමිතයි.
තවද ස්පාඤ්ඤ ජාතික ක්‍රීඩා ඒජන්සියේ ප්‍රධානී ෆ්‍රැන්කොස් පැවසුවේ, කණ්ඩායම ස්ථීර වශයෙන්ම ඉදිරි තරග දෙක ක්‍රීඩා කරන බව ප්‍රකාශ කිරීම සුබ ආරංචියක් බවයි.
තවද ක්‍රීඩිකාවන්, ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සහ ස්පාඤ්ඤ ජාතික ක්‍රීඩා ඒජන්සිය එක්ව පැවත්වූ මිත්‍රශීලි සාකච්ඡාවලින් පසු පාර්ශව තුන අතර ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට ද තීරණය කර වී තිබේ.
සිප ගැනීමේ සිදුවීමෙන් පසු ජෙනි හර්මෝ සෝ සභාපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ක්‍රියා කළ අතර කෙසේ වෙතත් පසුගියදා අධිකරණය හමුවේ පෙනී සිටි සභාපතිවරයා තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේ ය
29 Nov, 2023 | 11:17 AM
21 Nov, 2023 | 09:38 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS