ඔරු පැදීමෙන් මහේෂී අවසන් පූර්ව වටයට – ආසියානු ක්‍රීඩා උළෙල

ඔරු පැදීමෙන් මහේෂී අවසන් පූර්ව වටයට – ආසියානු ක්‍රීඩා උළෙල

ඔරු පැදීමෙන් මහේෂී අවසන් පූර්ව වටයට – ආසියානු ක්‍රීඩා උළෙල

කර්තෘ Nadeeshan Meedin

20 Sep, 2023 | 4:40 pm

ආසියානු ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ කාන්තා යුගල ස්කල්ස් මූලික වටයට සහභාගී වූ කාන්තා කණ්ඩායමට පස්වැනි ස්ථානය හිමි විය.

බද්‍රා මහේෂි හා ජයනී හිරුණිකා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලාය.

මේ අතර, මෙහි පිරිමි මූලික වටයේ තරගයේ දී ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයනේ සෑහීමට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මොහොමඩ් නිෆ්රාන් හා නුවන් ඒකනායක සහභාගී විය.

අද සවස පැවති ඔරු පැදීමේ කාන්තා ඒකල ස්කල්ස් මූලික වටයට සහභාගී වූ  මහේෂී ලියනගේ තුන්වැනි ස්ථානයට පත් වුණා.

ඇය ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්.

මේ අතර, මෙහි පිරිමි මූලික වටයේ තරගයේ දී මොහොමඩ් නිෆ්රාන් සිව්වැනි ස්ථානයනේ සෑහීමට පත්වීමට සිදුවිය.

ක්‍රීඩා උළෙල චීනයේ හංජෝ හී දී ඔක්තෝබර් 8 වැනි දා දක්වා පැවැත්වේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]