දකුණු අප්‍රිකාවේ බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පතල් කම්කරුවන් ඇතුළු 20ක් මරුට

දකුණු අප්‍රිකාවේ බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පතල් කම්කරුවන් ඇතුළු 20ක් මරුට

දකුණු අප්‍රිකාවේ බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පතල් කම්කරුවන් ඇතුළු 20ක් මරුට

කර්තෘ Sagarika Chathumali

19 Sep, 2023 | 8:01 am

 

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාවේ  ලිම්පෝපෝ පළාතේ  සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

විදෙස් වාර්තා පවසන්නේ, පතල් කම්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. 

සිම්බාබ්වේ දේශ සීමාවට ආසන්නයේ පිහිටි මුසිනා ප්‍රදේශයේ පිහිටි Venetia  දියමන්ති පතලේ කම්කරුවන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර මියගිය පිරිසෙන් 17 දෙනෙකු පතල් කම්කරුවන් බවට තහවුරු වී ඇති අතර අනතුරින් තවත් 4 දෙනෙකු ද  තුවාල ලබා තිබේ. 

දකුණු අප්‍රිකාවේ විශාලතම දියමන්ති පතල් අතරින් එකක් වන  මෙම දියමන්ති පතලේ හිමිකරු පවසා ඇත්තේ, ජීවිතක්ෂයට පත් කම්කරුවන්ගේ පවුල්වලට වන්දි ප්‍රදානය කරන බවයි.   

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]