ඉතියෝපියාවේ ගුඩාෆ් සෙගායි මීටර 5000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවයි..

ඉතියෝපියාවේ ගුඩාෆ් සෙගායි මීටර 5000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවයි..

ඉතියෝපියාවේ ගුඩාෆ් සෙගායි මීටර 5000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවයි..

කර්තෘ Staff writer

18 Sep, 2023 | 4:12 pm

COLOMBO (News 1st) – ඉතියෝපියාවේ ගුඩාෆ් සෙගායි මීටර 5,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය.

ඇය මෙම දක්ෂතාව දැක්වූයේ, අමෙරිකාවේ ඉයුජින්හිදී පැවැත්වෙන 2023 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය අතර වාරයේදීය.

මීටර 5,000 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ගුඩාෆ් සෙගායි එම ඉසව්ව ජය ගත්තේ මිනිත්තු 14යි තත්පර දශම 2යි 1ක කාලයක් වාර්තා කරමිනි.

ඒ අනුව එම ඉසව්වේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට සෙගායි සමත් විය.

26 හැවිරිදි වියේ පසුවන ගුඩාෆ් සෙගායි මීටර 10,000 කාන්තා ධාවන ඉසව්වේ ද ලෝක ශූරිය වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]