විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක් එලෙස අනතුරට පත්ව ඇති බවයි.
අයහපත් කාළගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට ගොඩබැස්වීමට උත්සහ කිරීමේදී අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ සංචාරකයින් 12 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනායි.
මේ වන විට අනතුර පිළිබඳ කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රසීල බලධාරීන් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් යානය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.