වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කළ අයෙකු කොටු..

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 16-09-2023 | 7:10 AM

COLOMBO (News 1st) – රත්මලාන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, ඔවුන් වෙඩි තැබීම සඳහා භාවිත කළ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද සොයා ගත් බවයි.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 47 හා 28 යන වයස්වල පසුවන මීගොඩ, තලාතුඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.