මත්ද්‍රව්‍ය උවදුර පාලනයට මහජන අදහස් ගන්න පියවර

මත්ද්‍රව්‍ය උවදුර පාලනයට අදහස් හා යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පියවර..

by Staff writer 16-09-2023 | 2:07 PM

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට ඒ සම්බන්ධයෙන් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පියවර ගෙන තිබේ. 

ඒ අනුව මහජන අදහස් හා යෝජනා ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලිපිනයට යොමුකළ හැකියි.

ලබන මස 12 වැනිදා දක්වා ඒ සඳහා අදහස් හා යෝජනා ලබා දීමට ජනතාවට අවස්ථාව පවතී. 

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව, පසුගිය ජුනි 8 වැනිදා කතානායකවරයා විසින් පත් කරනු ලැබුවේ ය.

ඒ , මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් ය. 

මෙම විශේෂ කාරක සභාව සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විතයි.