.webp)

COLOMBO (News 1st) – නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 66,234කට අධික ප්‍රමාණයකට හානිවී තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ඉන් ගොවීන් හැට හත්දහස් හාරසිය අට දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ය.
එම ප්‍රමාණය අක්කර දහසය දහස් නවසිය අනුදෙකකට අධිකයි.
උඩවලව ප්‍රදේශයෙන් අක්කර දාහතර දහස් අටසිය දහයකට අධික ප්‍රමාණයක් නියඟය හේතුවෙන් විනාශ වී තිබේ.
මේ අතර නියඟය, වර්ෂාව හා සේනා දළඹු හානිය ආශ්‍රිතව ගොවීන්ට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේ ය.
සභාපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම්දී ඇත්තේ, නියඟය නිසා සිදු වූ වගා හානි තක්සේරු කිරීම අවසන් කර ඇති අතර, වර්ෂාව නිසා සිදු වූ වගා හානි සම්බන්ධව දැනට තක්සේරු කිරීම සිදු කෙරෙන බවයි.
එම කටයුතු අවසන් වූ වහාම සම්පූර්ණ වගා හානි තක්සේරු කිරීමේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය.
