ජෝර්දානයේ ගෘහ සේවයට යන ශ්‍රමිකයින්ට නවරක්ෂණාවරණයක්

ජෝර්දානයේ ගෘහ සේවයට යන ශ්‍රමිකයින් වෙනුවෙන් නව රක්ෂණාවරණයක්- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

by Staff writer 16-09-2023 | 12:10 PM

COLOMBO (News 1st) –  ජෝර්දානයේ ගෘහ සේවය සඳහා යන ශ්‍රමිකයින් වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ යටතේ රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුර අදාළ ශ්‍රමිකයා මියගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් රක්ෂණ වන්දි පිරිනැමෙනු ඇති.

ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද වන්දි ලබාදෙයි.