.webp)

COLOMBO (News 1st) – අත්අඩංගුවට පත් ප්‍රබල පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව නැමැති සැකකරු සම්බන්ධයෙන් දින 90 ක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බවයි.
ගනේමුල්ල සංජීව නැමැති සැකකරු සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මුහුදු මාර්ගයෙන් මෙරටින් පලා ගොස් ඇති පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව නැමැති සැකකරුට නිත්‍යාකූල ගමන් බලපත්‍රයක් ලැබීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.
ප්‍රබල පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් නේපාලයේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේ පසුගිය බදාදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ආගමන විගමන නිලධාරින් විසින් ය.
