වතු වීසා හරහා කොරියාවට ශ්‍රමිකයින් යවන්නේ නෑ..

කෙටිකාලීන වීසා හරහා කොරියාවට ශ්‍රමිකයින් යවන වැඩපිළිවෙලක් දැනට නෑ - මනූෂ නානායක්කාර

by Staff writer 16-09-2023 | 7:40 AM

COLOMBO (News 1st) – වතු වීසා හෙවත් කෙටිකාලීන වීසා හරහා කොරියාවට ශ්‍රමිකයින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, කිසිදු විදෙස් රටක් වෙත එම වීසා ක්‍රමය යටතේ ශ්‍රමිකයින් යොමු කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔහු ඒ බව කියා සිටියේ ,ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.