.webp)
COLOMBO (News 1st) – G77 රාජ්‍ය නායක සමුළුව කියුබාවේ හවානා නුවරදී අද (15) ආරම්භ වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සමුළුවට සහභාගි වීමට නියමිත ය.
සමුළුවට සහභාගි වීමට ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පෙරේදා දිනයේ ය.
ජී- සෙවන්ටි සෙවන්, රාජ්‍ය නායක සමුළුව හෙට අවසන් වන අතර ඉන් පසුව ජනාධිපතිවරයා අමෙරිකාවට යාමට සැලසුම් කර තිබේ.
එහිදි සැප්තැම්බර් 21 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.