මැදවච්චියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

පියා සහ වැඩිමහල් සහෝදරයාගේ පහරදීමෙන් බාල සහෝදරයා මරුට..

by Staff writer 15-09-2023 | 7:45 AM

COLOMBO (News 1st) –  මැදවච්චිය, කනදරා දිවුල්වැව ප්‍රදේශයේදී මුගුරකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. 

පොලිසිය පැවසුවේ, සිය පියා හා වැඩිමහල් සහෝදරයා සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රි ඔවුන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය , කනදරාදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

ඊට සම්බන්ධ 56 හා 27 හැවිරිදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.