.webp)
COLOMBO (News 1st) – ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් මහා තරගය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව හිමි කර ගත්තේ ය.
ඒ ප්‍රබල පකිස්ථානය සමග පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුළු 2කින් ජය ගනිමින් ය.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගය ආරම්භ වූයේ නියමිත වේලාවට පැය දෙකකට පසුවයි.
ඒ තරගයේ ආරම්භයට පෙර සිටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ය.
ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කිරීමට තරග තීරකවරුන්ට සිදුවිය.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් පකිස්ථාන නායක බාබර් අසාම් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
පකිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෆක්හාර් සමාන් ලකුණු 4කට දැවී ගියේ ය.
ඒ ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දුවක් හමුවේ ය.
දුනිත් වෙල්ලාලගේ හමුවේ පකිස්ථාන නායක බාබර් අසාම් ලකුණු 29කට පිටියෙන් ඉවත් විය.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ බලාපොරොත්තු ඇති කරමින් ය.
අබ්දුල්ලා ශෆීක් ඔහුගේ මංගල එක් දින අර්ධ ශතකය සමග ලකුණු 52ක් රැස් කළේ ය.
පකිස්ථානයේ මුල් පෙළ කඩුලු 5 බිද වැටුණේ ලකුණු 130කදී ය.
අනතුරුව පිටියේ ස්ථාවර වූ මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් 6 වැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් පිහිටුවේ ය.
ඉෆ්ටිකාර් ලකුණු 47කි.
මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 86ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ ලකුණු 65ට කඩුළු 3ක් බිද හෙළුවේය .
නියමිත පන්දුවාර 42 අවසානයේ පකිස්ථාන ලකුණු පුවරුව සටහන් වූයේ කඩුළු 7ක් දැවී ලකුණු 252ක් ලෙසයි.