මත්පැන් වැටලීමකට ගිය කොස්තාපල් මියයයි

කිලිනොච්චි මත්පැන් වැටලීමකට ගිය කොස්තාපල්ගේ මළ සිරුර සොයා ගනී

by Staff writer 15-09-2023 | 11:06 AM

COLOMBO (News 1st) – කිලිනොච්චි පුදුඅයියන්කුලම ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් වැටලීමකට ගොස් අතුරුදන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර මලයාලපුරම් ප්‍රදේශයේ වැවක තිබී සොයා ගෙන තිබේ. 

පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල මත්පැන් ජාවාරමක් පිළිබඳ ලද තොරතුරක් මත එම පොලිස් කොස්තාපල්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් ඊයේ එම ප්‍රදේශයට ගොස් තිබේ. 

පොලිසිය පැවසුවේ වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනා ගොස් ඇති අතර එහිදී ක්‍රියාත්මක වු එම පොලිස නිලධාරියා  ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී අතුරුදන්වී ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. 

28 හැවිරිදි ඔහු වලස්මුල්ල පන්සලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.