.webp)
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වනු ඇති.
යම් හෙයකින් මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවහොත්, දෙපිලටම ප්‍රසාද ලකුණු බැගින් හිමි වේ.
එය එසේ වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වන්නේ දළ ලකුණු රැස් කිරීමේ වේගය අනුවයි.
ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලිය තුළ දළ ලකුණු රැස් කිරීමේ වේගය අනුව පකිස්ථානයට වඩා ඉදිරියෙන් සිටි.
ඒ, බිංන්දුවයි දශම දෙකයි බිංන්දුවක දළ ලකුණු රැස් කිරීමේ වේගයක් රඳවා ගනිමිනි.
පකිස්ථානයේ දළ ලකුණු රැස් කිරීමේ වේගය සටහන් වන්නේ ඍණ එකයි දශම අටයි නවයක් ලෙසයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය පස්වරු 3.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි කර ගෙන සිටින TV1 නාලිකාව ඔස්සේ සහ සිරස TV වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග ඔබට සජීවීව නැරඹිය හැකියි.