.webp)
COLOMBO (News 1st) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
ඒ , නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට, ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ ය.
මේ සම්බන්ධයෙන් ගොනුකර තිබු නඩුවක් අද ගාල්ල මහේස්ත්‍රාත් අදිකරණයේදී කැඳවූ අවස්ථාවේ මෙම මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
අදාළ වාහනය, වලාන දූෂණ මර්දන ඒකකය අත්තඩංගුවට ගත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 30 වැනිදා ය.
ඊට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් නියෝග කර සිටියේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වලාන දූෂණ මර්ධන අංශයේ අධ්‍යක්ෂකවරයාට ද අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට නොගැනීම සහ විමර්ශන පිළිබඳ සෑහීමකට පත් නොවීම හේතුවෙන් ය.