රිය අනතුරුවලින් පුද්ගලයින් 06 ක් මරුට

පැය 24 ක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 ක් මරුට

by Staff writer 13-09-2023 | 11:38 AM

COLOMBO (News 1st) -  ගෙවුණු පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. 

පොලිසිය සඳහන් කලේ,  වයස අවුරුදු 19 ත් 69 අතර වයස්වල පුද්ගලයින් එලෙස මියගොස් ඇති බවයි.

කටුනායක මල්ගස්හංදිය ප්‍රදේශයේදි ටිපර් රථයක ගැටුණු 65 හැවිරිදි  පුද්ගලයෙක්  ජීවිතක්ෂයට පත්විය. 

පොලිසිය පැවසුවේ ගලේවෙල ලේනාවල ප්‍රදේශයේදි යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 19 හැවිරිදි තරණයෙකු මියගොස් ඇති අතර එහි ගමන් ගත් තවත් අයෙකු තුවාල ලැබූ බවයි.

මාතර සිට කොළඹ බලා ධාවනය කරමින් තිබු බස් රථයකින් රත්මලාන ප්‍රදේශයේදි 53 හැවිරිදි පුද්ගලයකු ඇද වැටි බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පැවසී ය. 

ගල්ගමුව දෙස සිට අඹන්පොල දෙසට ධාවනය වූ පාපැදියක් අඹන්පොල නගරයෙදී වෑන්රථයක ගැටීමෙන් සිදු වු අනතුරින් මියගියේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

කොට්ටාව හොරණ මාර්ගයේ පොදුජන මාවත අසල දි ත්‍රිරෝද රථයක ගැටීමෙන් කාන්තාවක් මියගියා ය. 

මේ අතර කරදියනාරු ප්‍රදේශයේදි යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අසල කොන්ක්‍රිට් කනුවක ගැටිමෙන්  පුද්ගලයකු මියගිය බව පොලිසිය සඳහන් කළේ ය.