ජනපති අමෙරිකාවේ හා කියුබාවේ සංචාරයක

අමෙරිකානු හා කියුබානු සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි

by Staff writer 13-09-2023 | 8:13 AM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී  77 රාජ්‍ය නායක සමුළුවට‍ සහභාගී වීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද සැලසුම් කර තිබේ.