ප්‍රදේශ රැසකට අද වැසි..

ප්‍රදේශ රැසකට අද වැසි.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 12-09-2023 | 6:14 AM

COLOMBO (News 1st) -  අද (12) ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බවයි.

මේ අතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට සහ වරකාපොළ, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ඇලපාත, කහවත්ත, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, නිවිතිගල, අයගම, කුරුවිට, කලවාන, ගොඩකවෙල, රත්නපුර, සහ කිරිඇල්ල ප්‍රදේශ සඳහා අදියර එක යටතේ නායයාම් නිවේදන බලාත්මක බවයි.