සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය රියැදුරන් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක... දුම්රිය ධාවනයටත් බාධා...

by Staff writer 12-09-2023 | 5:41 AM

COLOMBO (News 1st) - සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දුම්රිය රියැදුරන් පිරිසගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙනි.

දුම්රිය දොපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් මන්දගාමි දුම්රිය ගමන්වාර අවලංගු වීමේ වැඩි හැකියාවක් පවතින බවය.

කාර්යාල දුම්රියන් කිහිපයක් ද මේ හේතුවෙන් අවලංගු විය හැකි අතර ධාවනයට එක්කෙරෙන සියලු දුම්රියන් ද ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කොළඹ විදුලි බලවේග ධාවනාගාර සහ බලවේග ධාවනාගාර දුම්රිය සේවකයින් ඊයේ (11) රාත්‍රී 12 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

ඒ, බඳවා ගැනීමේ සහ විශ්‍රාම ගැන්වීමේ ගැටලු කිහිපයක් මුල්කරගනිමිනි.