.webp)
1. නැගෙනහිර මුහුදේ සුළු භූ කම්පනයක්... සුනාමි අවදානමක් නෑ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය - නැගෙනහිර මුහුදු තීරයේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ.
2. සිරස (MBC) මාධ්‍ය ජාලය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශන අයිතියත් හිමිකර ගනී - 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශන අයිතියත් සිරස මාධ්‍ය ජාලයට හිමිවිය.
3. දුම්රිය සේවක වැඩ වර්ජනය අවසන් - දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.
4. IMF සමග දෙවැනි සාකච්ඡා වටයට සියල්ල සූදානම්... රාජ්‍ය ඇමති කියයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන ණය වැඩසටහනේ දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වේ.
5. ලබන මාර්තු වනවිට සෑම රාජ්‍ය ආයතනයකම Online මුදල් අය කිරීමේ ක්‍රමවේදය ස්ථාපිත කිරීමට සැලසුම්.. - කනක හේරත් - ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා මගින් සේවා සැපයීමේදී කරන අය කිරීම් Online ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.